චමල් සහ වෙල්ගම නාමයෝජනා බාර දීලා නෑ

ජනාධිපතිවරණය සඳහා මේ වන විට අපේක්ෂකයින් 35 දෙනෙක් නාමයෝජනා බාර දී තිබේ.

රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ දී නාමයෝජනා භාරගැනීම අද(07) පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා සිදුවිය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා සහ කුමාර වෙල්ගම යන මහත්වරු අද දිනයේ නාමයෝජනා බාර දී නොමැති බව වාර්තා වෙයි.

Exit mobile version