ඇඹුල්ගම වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

හංවැල්ල, ඇඹුල්ගම හන්දිය ප්‍රදේශයේ දී සිදු වූ පුද්ගල ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය මස 15 වනදා සුරේෂ් ගුණසිංහ නමැති පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් අයෙකුට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙක් සැකකරුඅත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

41 හැවිරිදි අදාල පුද්ගලයා මිරිහාන කොට්ඨාශ නීතියබලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් විසින් හංවැල්ල, වනාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සතුව තිබී කඩු 4 ක් සහ ජංගම දුරකතන 4 ක් ද පොලිස්නිලධාරීන් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

ඔහු අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටනියමිත අතර හංවැල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version