රන් මාල කොල්ලකෑ පුද්ගලයින් 3ක් වාද්දුවේ දී අත්අඩංගුවට

රන් මාල කොල්ලකෑ පුද්ගලයින් තුන්දෙනෙක් වාද්දුවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(09) සවස 3 ට පමණ වාද්දුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත ප්‍රදේශ කීපයක රන්මාල කොල්ලකන ලද සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී සැකකරුවන්, යතුරු පැදි 3 ක් හා කොල්ලකන ලද රන් භාණ්ඩ අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට පත් සැකකරුවන් අවුරුදු 34, 36, 39 යන වයස්වල පසුවෙන පමුණුගම, අළුබෝමුල්ල, බණ්ඩාරගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

වැඩිදුර විමර්ශනයේ දී වාද්දුව හා මොරොන්තුඩුව පොලිස් වසම්වල රන් මාල කොල්ලකෑම් ගණනවක් සිදුකර ඇති බවට අනාවරණය වී තිබේ.

සැකකරුවන් අද(10) දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

වාද්දුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version