තද සුළඟක් හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට විදුලි බලය ඇණහිටී

තද සුළඟක් සමග විදුලි රැහැන් මතට ගස්අතු කඩා වැටීමෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ විදුලි බලය ඇණහිට ඇතැයි, විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ, මාස්පොත, වාරියපොල, නිකවැරටිය, ගල්ගමුව, කොබෙයිගනේ ඇතුළු ප්‍රදේශවලට එලෙස විදුලිය සැපයුම විසන්ධි වී ඇති බව ය.

Exit mobile version