අපද්‍රව්‍ය යොදා විදුලිය නිපදවීමට සහාය දෙන්න ඉතාලිය එකඟ වෙයි

ඉවතලන අපද්‍රව්‍ය යොදා ගනිමින් විදුලිය නිපදවීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය මෙරටට ලබාදීමට ඉතාලිය එකඟතාව පළකර තිබේ.

ඒ, මෙරට ඉතාලි තානාපතිනි රීටා ජී. මැනෙල්ලා මහත්මිය විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා හමු වූ අවස්ථාවේදී ය.

වරකට අපද්‍රව්‍ය ටොන් 100ත් 300ත් අතර ප්‍රමාණයක් යොදා ගනිමින් විදුලිය නිපදවිය හැකි බලාගාරයක් ඉදිකිරීමේ හැකියාව සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වී තිබුණි.

ඉදිරියේදී ඒ සඳහා අවශ්‍ය සහාය දෙන බව ඉතාලි තානාපතිනිය ප්‍රකාශ කළේ ය.

ඒ තුළින් දෙරට අතර මිත්‍ර සබඳතා තවත් තහවුරු වනු ඇතැයි අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේ ය.

Exit mobile version