සුළු අපනයන බෝගවගාවේ ගොවීන්ට සජිත්ගෙන් පොරොන්දුවක්

තමා ජනාධිපති වු පසුව ගම්මිරිස් ප්‍රතිඅපනයනය නවතා ගම්මිරිස් ගොවීන්ට ස්ථාවර මිලක් ලබාදෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කුරුණෑගල දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ප්‍රජාත්න්ත්‍රාවාදි පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සභාගි වු ජන රැළියක් ඊයේ පස්වරුවේ දොඩන්ගස්ලන්ද රිදීගම ජයන්ති පිටියේ දි පැවැත් වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ සුළු අපනයන බෝගවගාවේ සම ගම්මිරිස් බෝගවගාවේ නිරත වී සිටින සියලුම ගෝවීන්ට ස්තාවර මිලක් ලබා දෙන බවයි.

තමා කිසිවිටක ප්‍රශ්නවලින් පැන නොයන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version