ගෝඨා දිනුවත් අගමැති වෙන්නේ රනිල්

එළැඹෙන ජනපතිවරණයේදී යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළද අග්‍රමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවැසුවාය.

අද කොළඹදී පැවැති මාධය හමුවකදී ඇය මේ බව සඳහන් කළාය. යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිධුරයට පත්වීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතාට නොමැතිව වෙනත් අයෙකුට අග්‍රාමාත්‍ය තනතුර ලබාදීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ බහුතරයක කැමැත්ත අවශ්‍ය බවද ඇය පෙන්වා දුන්නාය.

එසේ නොමැතිනම් වත්මන් ආණ්ඩුව විසුරුවා හැරීමට වසර හතරමාරක කාලයක් ගතවන බවත් ඒ අනුව වත්මන් ආණ්ඩුවේ වසර හතරහමාරක කාලය අවසන් වන්නේ ලබන වසරේ මාර්තු මාසයේදී බවත් ඇය පෙන්වා දුන්නාය. එතෙක් අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට කටයුතු කළ හැකි බවත් ඇය පැවැසුවාය.

මේ සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ඇති බවත් ඇය පෙන්වා දුන්නාය. කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනපතිවරණයෙන් ජය ගැනීමට නොහැකි බවත් ඇය වැඩිදුරටත් පැවැසුවාය.

Exit mobile version