ආසියානු සංවර්ධන බැංකුව සමග ඇ. එ. ජ. ඩොලර් මිලියන 270 ක් වටිනා ණය ගිවිසුම් 3ක්

ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන හා යාපනය කිළිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය, ආසියානු සංවර්ධන බැංකුව සමග ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 270 ක් වටිනා ණය ගිවිසුම් 3ක් සඳහා අත්සන් තබන ලදී.
ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනෙහි සිව්වන මූලයන අදියර සඳහා අවශ්‍ය ආයෝජන සඳහා ඇ. එ. ජ. ඩොලර් මිලියන 150 ක ණය මුදලක් ලබාගත් අතර යාපනය කිළිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතියෙහි අතිරේක මූලයනය පහසුකම් සඳහා අවශ්‍ය ආයෝජන සඳහා ඇ. එ. ජ. ඩොලර් මිලියන 120 ක ණය මුදලක් ලබාගන්නා ලදී.
Exit mobile version