සිගරට් වල තීරු බදු අඩු කරයි

සිගරට් සඳහා වන තීරු බදු අඩුකිරිමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබේ. ඒ සඳහා වන අතිවේශේෂ ගැසට් නිවේදනය පසුගිය 14දා නිකුත් කර තිබේ.

ඒ අනුව මිලි මීටර් 67 – 77 අතර සිගරට් 1000ක් වෙනුවෙන් අයකරන තීරු බද්ද රුපියල් 37600 සිට රුපියල් 33000ක් දක්වා අඩුකර තිබේ.

මේ හේතුවෙන් රජයට  වාර්ෂිකව සිදුවන පාඩුව රුපියල් බිලියන 1.4ක බවට ගණන් බලා තිබේ.

Exit mobile version