අගමැති ජනපති පරීක්ෂණ කොමිසමෙන් පිටව යයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද දෙවන දිනටත් පෙනී සිටියේය.

ඒ අනුව අග්‍රාමාත්‍යවරයාගෙන් පැයක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කර ගත් බව එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේය.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලේ වී ගබඩා කිරිමේදී සිදුව ඇති වංචාවක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස අද ජනපති කොමිසම හමුවේ පෙනී සිටියේය.

පසුගිය 18 වනදා අග්‍රාමාත්‍යවරයා කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබුණ ද යාපනයේ පැවැත්වෙන වැඩසටහන් කිහිපයකට සහභාගීවිමට සිදුව ඇති බැවින් එදින පෙනී සිටිය නොහැකි බව දැනුම්දී තිබුණි.

ඒ අනුව අද උදෑසන 10.30 ට පමණ අග්‍රමාත්‍යවරයා කොමිසම හමුවේ පෙනි සිටිම සදහා එහි පැමිණියේය.

කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන යාමේදී සිදුවූ අක්‍රමිකතාවක් පිළිබඳ සිදුකෙරෙන විමර්ශනයකට අදාලව මීට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කොමිසම හමුවේ පළමු වරට පෙනී සිටියේය.

Exit mobile version