සොහොයුරා එනතුරු බලා සිටි කුඩා දරුවෙකු බස් රථයට යටවි මරුට

කරන්දෙණිය පොලිස් වසමේ කැකිරියාන්කන්ද ප්‍රදේශයේදී පාසල් බස් රථයකට යටවී අවුරුදු දෙකහමාරක කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ(22) සවස මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

තම වැඩිමහල් සොහොයුරා පාසල් නිමවී බස් රථයෙන් පැමිණෙන තෙක් නිවස අසළ මාර්ගයේ සිටි කුඩා දරුවා වැඩිමහල් සොහොයුරා පැමිණි බස් රථයටම යටවී මෙම අනතුර සිදුව අඇති බව අප වාර්තාකරු පවසයි.

මෙම අනතුර සිදු කර අදාළ බස් රථයේ රියදුරු කුඩා දරුවා බස් රථයට යටවූ බව නොදැන පලා ගොස් තිබුණි.

පසුව කරන්දෙණිය පොලීසිය විසින් අදාළ බස් රථයේ රියදුර අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරන්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version