විදේශ රැකියාවල ශ්‍රමිකයින්ට සජිත්ගෙන් ඡන්ද පොරාෙන්දුවක්

තමා ජනාධිපතිධුරයට පත්වූ වහාම විදේශ රැකියාවල නිරත ශ්‍රමිකයින් සියලු දෙනා වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කරන්දෙණිය නගරයේ පැවති ජනරැළියක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ ජනරැලියක් ඊයේ(24) කරන්දෙණිය නගරයේදී පැවැත්විය.

Exit mobile version