කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝග්‍රෑම් 105ක් සමඟ සැකකරුවෙකු යාපනය, චුණ්ඩිකුලම් වෙරළ තීරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් කෝටියක පමණ වටිනාකමින් යුතු කේරළ ගංජා තොගයක් සමඟ අදාළ සැකකරුවෙකු ඊයේ (30) අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

‍‍ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් රැගෙනවිත් මෙරට තුළ බෙදා හැරීම වෙනුවෙන් සුදානම් කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.

සැකකරු අද (31) කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, පලෙයි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Exit mobile version