මාවතගම අනතුරකින් තරුණයෙක් ජිවිතක්ෂයට

මාවතගම ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු මියගොස් ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු ප්‍රතිකාර සඳහා මාවතගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මියගොස් ඇත්තේ ගනේගොඩ, වෑඋඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණයෙක්.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

Exit mobile version