ගත වූ මාස කිහිපයේ ඩෙංගු රෝගීන් හැට හතර දාහසක් වාර්තා වෙයි

2019 වසරේ ගත වූ මාස කිහිපය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන් හැට හතර දාහසක් පමණ වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ ඉන් වැඩිම ප්‍රතිශතයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවයි.

ගත වු මාස කිහිපය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් මියගිය බවට සැලකෙන මරණ 85ක් වාර්තා වී තිබේ.

එමෙන්ම මේ දිනවල දිවයිනට බලපා ඇති අන්තර් මෝසම් වර්ෂාපතනයත් සමඟ කොළඹ, ගම්පහ සහ මහනුවර ඇතුළු දිස්ත්‍රික් කිහිපයක මදුරු ගහනය වර්ධනය වී ඇත.

Exit mobile version