ඩුබායි T 10 තරගාවලිය මේ මස 14 වෙනිදා සිට 24 වෙනිදා දක්වා ඩුබායි සයිඩ් ක්‍රීඩාංගනයෙදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.
එම තරගාවලිය 03 වන වරටයි මෙලෙස සංවිධනය වී තිබෙන්නේ.
ඒ අනුව මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 15 දෙනෙකු තෝරාගෙන තිබෙන අතර එයින් කිහිපදෙනෙකු නවක ක්‍රීඩකයින් වෙයි.
මෙම තරගාවලියේ බංග්ලා ටයිගර්ස් කණඩායමේ නායකත්වය තිසර පෙරේරාට හිමිව තිබෙන අතර ප්‍රභාත් ජයසුරිය, ලසිත් මාලිංග දසුන් චානක ඇරබියන්ස් කණ්ඩායම නියෝජනය කරන අතර ට්ම් අබුඩාබ් නිරෝෂන් දික්වැල්ල නියෝජනය කරයි.
ඩකෑන් ගැලඩියටස් හා කර්ණාටක ටස්කර්ස් යන කණඩායම් පිලිවෙලින් භානුක රාජපක්ෂ, මලින්ද පුෂපකුමාර නියෝජනය කරයි.
එමෙන්ම වොරියන්ස් කණ්ඩායම නියෝජනය කරන්නේ අසේල ගුණරත්න, නුවන් ප්‍රදීප් ද දිල්ලි බුල්ස් කණඩායම ඇන්ජෙලෝ මැතිව්ස් දුෂ්‍යන්ත චමීර, කුසල් පෙරේරා එක් වෙයි.