ෆින්ලන්තයේ හයිලුඔටෝ දුපත අයිස් බිත්තර වලින් හැඩවෙයි

ෆින්ලන්තයේ හයිලුඔටෝ දුපත මේ වන විට දුර්ලභ කාලගුණික විපර්යාසයක් නිසා හැමදෙනාගේම අවධානය දිනාගෙන තිබේ.

හයිලුඔටෝ දුපතේ වෙරල තිරයේ සුළගේ සහ ජලයේ බලපෑමෙන් දුර්ලභ ලෙස බිත්තර හැඩති අයිස් බෝල බවට පත්ව තිබෙන බවට වාර්තා වෙයි.

ඒ අනුව මෙම වෙරල තිරයේ මෙම සිදුවීම මීටර් 30 ක් පමණ ප්‍රදේශයට පැතිර ගොස් තිබෙන බව එම පිදුම සහගත සිදුවීම ඇසින් දුටුවන් සදහන් කරයි.

මෙම අයිස් බෝල කුඩාම ඒවා බිත්තරයක් පමණ ප්‍රමාණයෙන්ද විශාලම ඒවා පාපන්දුවක තරම් විශාල බවයි වාර්තා වන්නේ.

Exit mobile version