නාග විහාරයේ විහාරාධිපති අපවත් වෙයි

1991 වර්ෂයේ සිට යාපනය ශ‍්‍රි නාග විහාරයේ විහාරාධිපති ලෙස කටයුතු කළ උතුරු පළාත් ප‍්‍රධාන සංඝ නායක  මීගහජදුරේ ඥාණරතන ස්වාමින් වහන්සේ රෝගාතුරව කොළඹ ශි‍්‍ර ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වී ඇත.

උන් වහන්සේගේ දේහය කොළඹ සිට යාපනය ශ‍්‍රි නාග විහාරස්ථානය වෙත ගුවන් මගින් රැගෙන ඒමට ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව හා එක්ව ආරක්‍ෂක සේනා මුලස්ථානය කටයුතු කරන ලදි.

අදාහනය පිළිබද අවසන් කටයුතු ශ‍්‍රි ලංකා යුධ හමුදාවේ පූර්ණ අධික්‍ෂණය හා අනුග‍්‍රහය යටතේ 2017 දෙසැම්බර් 22 වන දින සවස 02.30ට යාපනය කොටුව අසල ක‍්‍රිඩා භූමියේදී සිදු කෙරේ.

Exit mobile version