ජනාධිපති ආරක්ෂක අංශ වාහන අංගනයේ ගින්න ගැන විමර්ශන CIDයට

කොළඹ කොටුව, මුදලිගේ මාවතේ පිහිටි ජනාධිපති ආරක්ෂක අංශයේ වාහන අංගනය තුළ හටගත් ගින්න පිළිබඳ විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාරදී තිබේ.

ඊයේ (10) රාත්‍රි 10.00ට පමණ හටගත් ගින්න හේතුවෙන් යතුරුපැදි 47ක් සහ ත්‍රිරෝද රථයක් විනාශයට පත්වුණි.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය විසින් මූලික විමර්ශන ආරම්භ කළේය.

Exit mobile version