ෆේස්බුක් ආයතනයෙන් පැෆ්රල් සංවිධානය ඉල්ලීමක් කරයි

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් අනතුරුව එළඹෙන නිහඬ කාල සීමාව තුළ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ අපේක්ෂකයින් ප්‍රවර්ධනය කරමින් සිදුවන ප්‍රචාරක කටයුතු නතර කිරීමට පියවර ගන්නා ලෙස පැෆ්රල් සංවිධානය ෆේස්බුක් ආයතනයෙන් ඉල්ලීමක් සිදුකර ඇත.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ලිඛිතව අදාල ඉල්ලීම සිදු කිරීමට පියවර ගත් බවයි.

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව ඇත.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියෙන් පසු වක්‍ර ආකාරයෙන් හෝ අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන ආකාරයේ කටයුතුවල නිරත වීමෙන් වැලකි සිටින ලෙස සියළු පාර්ශවවලින් ඉල්ලීමක් කරන බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ.

Exit mobile version