ජනපතිවරණය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් නෑ

ජනාධිපතිවරණය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව සුපුරුදු දුම්රිය කාලසටහන ඒ අයුරින්ම ක්‍රියාත්මක වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පසුගිය දුම්රිය වර්ජනය හේතුවෙන් දුම්රිය සේවකයින්ට තැපැල් ඡන්දය සඳහා අයදුම් කිර්මට නොහැකි වීම හේතුවෙන් ඡන්දය ප්‍රකාශය කිරීමට නොහැකි වී ඇති අතර  එබැවින්විශේෂ සේවාවක් ක්‍රියාත්මක කිරිමට බලධාරින් කටයුතු කර නොමැති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් සුපුරුදු ලෙස ධාවනයට යොදවා ඇති දුම්රියන් ඒ ආකාරයෙන්ම ධාවනය වන බැවින් විශේෂ දුම්රියන් යෙදවීමේ අවශ්‍යතාවක් නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

Exit mobile version