ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය අමතයි

රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ශ්‍රී ලාංකිකයින් සියලු දෙනාට තමා සමඟ එක් වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය ඇමතීම මේ වන විට නුරාධපුර රුවැන්වැලි සෑ මහ මළුවේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව සිදු කරයි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේන් තේරී පවත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) මීට සුළු මොහොතකට පෙර අනුරාධපුර රුවැන්වැලි සෑ මහ මළුවේදී ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.

Exit mobile version