දුම්රියක මෝටර් රථයක් ගැටී 02ක් මරුට

හලාවත සිට කොළඹ දක්වා ධාවන වූ මන්දගාමී දුම්රියක මෝටර් රථයක් ගැටීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

අනතුරින් තවත් පුද්ගලයින් දෙදෙනෙක් මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර මීගමුව – කට්ටුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයකින් මෝටර් රථය ධාවනය කිරීමට යෑමේ දී මෙම අනතුර සිදුව ඇත.

කෙසේ වෙතත් අනතුර සිදු වන විට මෝටර් රථය තුළ පුද්ගලයින් දෙදෙනෙකු සිර වී ඇති අතර ඔවුන් දෙදෙනා එම ස්ථානයේ දීම මිය ගොස් තිබේ.

Exit mobile version