අගමැති නිල වශයෙන් ඉල්ලා අස්වෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (21) දිනයේ සිය ඉල්ලා අස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් දැනුම්දීමට නියමිතව ඇත.

විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දිනයේ සදහන් කළේ තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව ආණ්ඩුවක් පත් කර ගැනිම සඳහා ඉඩකඩ සලසා දෙමින් තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව අග්‍රාමාත්‍යවරයා පවසයි.

Exit mobile version