හෙරොයින් සමඟ කතක් ‌දෙහිවල දී අල්ලයි

බඩෝවිට දෙහිවල ප්‍රදේශයේ නිවසක් වටලා හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.

ඇය සතුව හෙරොයින් ග්‍රෑම් 251යි මිලිග්‍රෑම් 520ක් ‌සොයා ‌ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 37ක් වු දෙහිවල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

සැකකාරිය අද (22) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිති.

දෙහිවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version