බස්නාහිර පළාතේ පොස්ටර්, කටවුට් ඉවත් කරන්න වැඩසටහනක්

බස්නාහිර පළාතේ මාර්ග දෙපස ඇති විදුලි හා දුරකතන කණුවල සවිකර ඇති පොස්ටර් හා කටවුට් ඉවත් කිරීමේ වැඩසටහනක් පොලිස් මූලස්ථානය ආරම්භ කර තිබේ.

ඒ, සඳහා වන උපදෙස් ඊයේ පස්වරුවේ බස්නාහිර පළාතේ සියලු පොලිස් ස්ථාන වෙත ලබාදී ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ය.

ජනාධිපතිතුමාගේ උපදෙස් මත ක්‍රියාත්මක නගර අලංකරණ වැඩපිළිවෙළ යටතේ මෙය ක්‍රියාත්මක වේ.

කම්කරුවන් යොදවා එම සියලු බැනර් කටවුට් ඉවත් කරන බව පොලීසිය සඳහන් කළේ ය.

Exit mobile version