ජනපති අද ඉන්දියාවට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද (28) දහවල් ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත ව‌ෙ‌යි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම සංචාරය තුළදී ඉන්දීය ජනාධිපති රාම්නාත් කොව්න්ද් මහතා හමුවීමට නියමිත අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්විමට නියමිතයි.

ජනාධිපති ධූරයට පත්විමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙයයි.

Exit mobile version