ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ බැදි සිටින බව එරට ජනපති කියයි

ඉන්දියානු රජය , ශ්‍රී ලංකාව සමඟ පවතින සම්බන්ධතා සඳහා වැඩි වැදගත් කමක් ලබා දෙන බව එරට ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා පවසයි.

ඉන්දිය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතාගේ ට්විටර් ගිණුමේ ඊයේ (29) රාත්‍රීයේ මේ සඳහන් කර ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, නව දිල්ලියේ පිහිටා ඇති ඉන්දියානු ජනාධිපති මන්දිරය වන රාෂ්ට්‍රපති භවන් හි පැවති රාත්‍රී භෝජන සංග්‍රාහයකටද සහබාගි වු බවද එම ට්විටර් ගිණුවේ සඳහන් කර තිබේ.

අසල්වැසි රටක් ලෙස සංවර්ධනය සහ ප්‍රගතිය යන ක්ෂේත්‍රයන්හිදි ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ බැදි සිටින බවද එහි සඳහන් වේ.

එමෙන්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පිහිටි කලාපයේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට පසුගිය කාලයේ ශ්‍රී ලංකාව ගත් ආරක්ෂ පියවර ඇගයිමට ලක් කර තිබේ.

ශ්‍රී ලංකාව, ඉන්දියාවේ සංවර්ධන අරමුණු ඉටුකර ගැනීම සඳහා යන ගමන් මගේ කොටසක් කරගැනීමටද කැමැත්ත පල කර ඇත.

එමෙන්ම රටවල් දෙකෙහිම පොදු අරමුණු ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය ව්‍යාපෘති ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා සිය ට්විටර් පණිවිඩයේ සඳහන් කර ඇත.

Exit mobile version