ඇල්බේනියාවට යන්න ගිය දෙදෙනෙක් අත්අඩංගුවට

ඇල්බේනියාවට අයත් ව්‍යාජ වීසා පත් ඉදිරිපත් කර, ඉරානයේ දේශසීමා තරණය කරමින් යුරෝපයේ ඇල්බේනියාවට පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනකු ඊයේ (01) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් යාපනය ප්‍රදේශයේ පදිංචි මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කරන ආයතනයක සේවය කරන 21 හැවිරිදි සහ 30 හැවිරිදි වියේ පසුවන තරුණයන් දෙදෙනෙකි.

මොවුන් දෙදෙනා ඕමානයේ මස්කට් නුවර සිට ඉරානයේ ටෙහෙරාන් නුවර වෙත යාම සඳහා ගුවන් ප්‍රවේශ පත්‍ර දෙකක් මිලදී ගැනීම සදහා කටුනායක ගුවන් තොටුපළ ඕමාන් ගුවන් සේවයේ කවුන්ටරය වෙත පැමිණ තිබේ.

එහිදී මෙම තරුණයන් දෙදෙනා ඉදිරිපත් කළ ඇබේනියානු ගුවන් ගමන් බලපත්‍ර දෙක පිළිබඳව සැක සිතූ එම ගුවන් සේවා බලධාරීන් වහාම මොවුන් දෙදෙනා ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කර ඇත.

එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂණ වලදී මෙම ගුවන් ගමන් වීසා බලපත්‍ සූක්ෂම ලෙස සකස් කළ ව්‍යාජ ඇල්බේනියානු වීසා බලපත්‍ර බව අනාවරණය වී තිබේ.

Exit mobile version