පටාස් චිත්‍රපටයේ ප්‍රථම ගීතය අන්තර්ජාලයට නිකුත් වෙයි

සුපිරි දකුණු ඉන්දීය නළු ධනුෂ් රංගනයෙන් දායක වන පටාස් චිත්‍රපටයේ ප්‍රථම ගීතය අන්තර්ජාලයට නිකුත් කර තිබේ.

 

ධනුෂ් විසින් ගායනා කළ මෙම ගීතය නම් කර ඇත්තේ චිල් බ්‍රෝ යනුවෙන් ය.

ආර්.එස්.දුරායි සෙන්තිල්කුමාර් අධ්‍යක්ෂණය කරන පටාස් චිත්‍රපටය ලබන වසරේ ජනවාරි මාසයේදී එළිදැක්වීමට නියමිතයි.

ධනුෂ් මෙම චිත්‍රපටයේදී ද්විත්ව චරිත නිරූපණය කරනු ඇතැයි වාර්තා වේ.

Exit mobile version