ජා ඇල ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

අද (10) පෙරවරු 8.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 16ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

 

ජා ඇල ජල සම්පාදන ක්‍රමයට අයත් ප්‍රධාන ජල සැපයුම් නලයක ජල කාන්දුවක් අලුත්වැඩියා කිරීම හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව එම ආයතනය ප්‍රකාශ කළේය.

ඒ අනුව පමුණුගම, නුගපේ, උස්වැටකෙයියාව, බෝපිටිය, ඇලෙන්එගොඩ සහ සේදවත්ත යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති. ‍

Exit mobile version