නීති විරෝධී දුම්වැටි සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් සිදුකල වැටලීමකදී ඔහු අත්අංඩගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

සැකකරු සතුව තිබී තීරු බදු රහිතව මෙරටට ආනයනය කරන ලද දුම්වැටි 3600ක් පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාශය බාරයට ගෙන ඇත.

වැඩිදුර විමර්ශන සඳහා ඔහු කැළණිය පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.

Exit mobile version