අදත් පළාත් කීපයකට සවස් කාලයේ තදවැසි

සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් ප.ව.2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ.

දකුණු පළාතේත් මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සුළගේ වේගයේ විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩි විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Exit mobile version