රිය අනතුරකින් තිදරු පියෙක් මරුට

අරුවක්කාලුවට කසළ ප්‍රවාහනය කර ආපසු යමින් තිබු ටිපර් රථයක් මුන්දලම කිරීයන්කල්ලිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක ගැටීමෙන් සිදුවු අනතුරින් එක් අය‍ෙකු මරණයට පත්ව ඇති බව මුන්දලම පොලීසිය පවසයි.

 

මෙම අනතුරින් මියගොස් ඇත්තේ මීගමුව දකුණු පිටිපන පදිංචි වර්ණකුලසුරිය සුදේශ් ශාන්ති කුමාර නැමති 58 හැවිරිදි තිදරු පියෙකි.

මරණයට පත්වු තැනැත්තා සිය බිරිඳ සමඟ කුලී ත්‍රීරෝද රථයක තලවිල දේවස්ථානය වන්දනා කිරීමට ගමන් කරමින් සිටියදී කසළ ප්‍රවාහනය කරනු ලබන ටිපර් රථයේ ගැටි අනතුරට ලක්විමෙන් මරණයට පත්වි ඇත.

අනතුර සම්බන්ධව ටිපර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.

Exit mobile version