හෙට සිට වැස්ස වැඩියි

දිවයින පුරා, විශේෂයෙන් උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (17) සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

මේ අතර උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව.2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල උදැසන කාලයේදීද වැසි ඇතිවිය හැකි අතර වයඹ පළාතෙත් මහනුවර, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේදී ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Exit mobile version