කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වයට රටවල් 5ක්

2023 වසරේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය දැරීමට රටවල් 5ක් මේවන විට කැමැත්ත පල කර තිබේ.

 

නමුත් පාපන්දු සම්මේලනය විසින් තවමත් නිශ්චිතවම සත්කාරකත්වය දරන රට පිළිබඳ නිවේදනය කර නොමැත.

2023 වසරේ කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ජුලි 10 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇත.

සත්කාරකත්වය දැරීම වෙනුවෙන් ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, බ්‍රසීලය, ජපානය, කොළොම්බියාව සහ බ්‍රසීලය යන රටවල් ඉල්ලීම් කර තිබේ.

Exit mobile version