දිවයිනේ බොහෝ පළාත්වලට වැසි රහිත කාලගුණයක්

අද (29) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ දිවයිනේ බොහෝ පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

කෙසේ වෙතත්, කළුතරරත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක.

දිවයිනේ අම්පාර, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල විටින්විට හමන (පැ.කි.මී 40-50දක්වා) තරමක් තද සුළං බලාපොරොත්තුවේ.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැක.

Exit mobile version