විදේශ භික්ෂූන් වහන්සේලා පිරිසකගෙන් ශ්‍රී ලංකාවට ප්‍රසාදය

බෞද්ධ පුනරුදය උදෙසා ශ්‍රී ලංකාව විසින් සිදුකරන මෙහෙය පිළිබඳව සිය ප්‍රසාදය පළකරමින් විදේශ රටවල් කිහිපයක භික්ෂූන් වහන්සේලා පිරිසක් පෙරේදා (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීය.
තායිවානය, සිංගප්පූරුව, කොරියාව, කැනඩාව, ඇමරිකාව, චීනය, ඕස්ට්‍රේලියාව, මැලේසියාව, හොංකොං, ජපානය, වියට්නාමය, මියන්මාරය, ජර්මනිය, ඉතාලිය, ස්විඩනය, නවසීලන්තය යන රටවල් නියෝජනය කරමින් භික්ෂූන් වහන්සේලා මෙම අවස්ථාවට එක්ව සිටි අතර මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලහාහැංගුණ වැවේ ධම්මරතන මහනාහිමිපාණන් ද මෙම අවස්ථාවට එක්වූහ.
Exit mobile version