සක්‍රීය සේවයේ නියුතු සහ සටනේදී මිය ගිය නාවික පුද්ගලයින්ගේ මෙවර ශිෂ්‍යත්ව විභාගය ඉහලින් සමත් දරු දැරියන් 60 දෙනෙකු උදෙසා තිළිණ ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ (28) කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහභාගී විය.
මෙම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් පුද්ගල, රියර් අද්මිරාල් සුජීව පෙරේරා මහතා, අධ්‍යක්ෂ නාවික සුභසාධක කොමදෝරු නිලන්ත හීනටිගල මහතා ඇතුළු නිලධාරීන් නාවිකයන් සහ දරු දැරියන්ගේ දෙමාපියන් ද සහභාගී වී සිටියහ.