ශ්‍රී ලංකා කණ්ඩායම අද ඉන්දියාව බලා පිටත්වෙයි

ඉන්දීය සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (02)  දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

 

අද උදෑසන 07.20ට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගිය බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විස්සයි විස්ස ක්‍රිකට් තරඟ 03ක් පැවැත්වීමට නියමිතව ඇත.

එහි පළමු තරඟය ලබන 05 වන දින ඉන්දීයාවේ ගුවාටි හිදී පැවැත්විමට නියමිතයි.

Exit mobile version