Home දේශීය පුවත් තරුණයෙකුගේ මළ සිරුරක් ඉහල කොත්මලේ ජලාශයේ තිබී සොයා ගැනේ

තරුණයෙකුගේ මළ සිරුරක් ඉහල කොත්මලේ ජලාශයේ තිබී සොයා ගැනේ

0
තරුණයෙකුගේ මළ සිරුරක් ඉහල කොත්මලේ ජලාශයේ තිබී සොයා ගැනේ

නිවසින් දින ගණනාවක් අතුරුදහන්ව සිටි තරුණයෙකුගේ සිරුර ඉහල කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබියදි අද (16) උදැසන සොයා ගත් බව තලවකැලේ පොලිසිය පැවසිය.

 

මෙසේ ජලාශයේ පාවෙමින් තිබියදි සොයාගනු ලැබුවේ හැටන් දික්ඔය වත්තේ පදිංචි කාලිදාස් නන්දකුමාර් නැමති 25 හැවිරිදි තරුණයෙකුගේ සිරුර බවයි තලවකැලේ පොලිසිය පැවසුවේ.

මෙම තරුණයා දින කිහිපයක සිට අතුරුදහන්ව ඇති බවට එම තරුණයාගේ ඥාතින් විසින් හැටන් පොලිසියට පැමිණිල්ලක් ද කර ඇත.

ඉහල කොත්මලේ ජලාශය හරහා ඉදි කර තිබෙන දුම්රිය පාලම අසල ජලාශයේ මළ සිරුර පාවෙමින් තිබෙන බව දුටු ප්‍රදේශවසින් ඒ පිලිබදව තලවකැලේ පොලිසිය වෙත දැනුම් දි ඇත.

ජලාශය මධ්‍යයේ පාවෙමින් තිබු මළ සිරුර තලවකැලේ පොලිසියේ නිලධාරින් විසින් ජලාශ ඉවුර වෙත ගෙනවිත් ඇති අතර නුවරඑලිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නුවරඑලිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන තලවකැලේ
පොලිසිය වැඩිදුරටත් පැවසිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version