අබුඩාබි අනතුරින් මියගිය කතුන්ගේ දේහ දිවයිනට ගෙන්න පියවර

අබුඩාබිහිදී රිය අනතුරකින් මියගිය ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනාගේ දේහයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා පියවර ගනිමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

 

අබුඩාබිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් ඊට අදාළ කටයුතු සිදුකෙරෙන බව සඳහන්.

විදේශීය ශ්‍රමිකයින් පිරිසක් රැගත් කුඩා වර්ගයේ බස් රථයක් ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබූ අතර එහිදී පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තවත් 19 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

මියගිය පිරිස අතර ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු වන බවට අබුඩාබිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විදේශ කටයුතු අමාත්‍යංශයට දැනුම් දී ඇත.

Exit mobile version