MH 370 ගුවන් යානය සොයා දින 90ක විශේෂ මෙහෙයුමක්

මීට සිව් වසරකට පෙර අතුරුදන් වූ මැලේසියා ගුවන් සමාගමට අයත් MH 370 ගුවන් යානය සොයා දින 90ක විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ඕෂන් ඉන්ෆිනිටි සමාගම මැලේසියා රජය සමග ඇති කර ගත් එකගතාවක් මත අදාළ සෝදිසි මෙහෙයුම සිදු කෙරේ.

යානය සොයා ගැනීමට නොහැකි වුවහොත් මැලේසියා රජයට කිසිදු ගෙවීමක් කිරීමට සිදු නොවේ. යම් හෙයකින් ඔවුන්ට එහි සුන්බුන් හමුවුවහොත් මැලේසියා රජයට එම සමාගමට ගෙවීමක් කිරීමට සිදුවනු ඇතැයි ද සදහන් වේ.

Exit mobile version