නීති විරෝධී ලෙස කැස්බෑවෙකු ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ පූනරින් පොලීසියේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (03) සිදු කළ සෝදිසි කිරීමකදී කිලිනොච්චි, පල්ලිකුඩා ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ජීවී කැස්බෑවෙකු ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සොයා ගනු ලැබූ ජීවී කැස්බෑවා කිලෝග්‍රෑම් 15 ක පමණ බරකින් යුක්ත වන අතර, එම පුද්ගලයා සහ කැස්බෑවා ඉදිරි නීතිමය කටයුතු සඳහා පූනරින් පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

Exit mobile version