අදත් පළාත් කිහිපයකට තදවැසි

විශේෂයෙන් දිවයිනේ, නිරිත දිග කොටසේත් නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත්වැසි වාර කිහිපයක් ඇතිවන අතර උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් තැනින් තැන විශේෂයෙන්ම ප.ව.2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල, මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 වැඩි තරමක් තද වැසිද ඇතිවිය හැක.

වයඹ, මධ්‍යම, දකුණු සහ උතුරු පළාත්වලත් ගම්පහ දිස්ත්‍රික්කයේත් දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා වැඩි විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දන්වා තිබේ.

Exit mobile version