චීන ජාතිකයින් රට තුළට පැමිණීම වැලැක්විය යුතුයි

අධ්‍යාපන කටයුතු සඳහා චීනයට ගොස් නැවත මෙරටට පැමිණීමට නොහැකිව ඇති ශ්‍රී ලාංකික සිසු සිසුවියන් රජයේ වියදමින් යළි ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා ඉල්ලීමක් කරයි.

 

පැතිර යන කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා අද(27) විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

කොරෝනා වෛරසය මර්දනය කරනතුරු මෙරට තුළ සේවය කර චීනයට ගොස් යළි මෙරටට පැමිණීමට නියමිත චීන ජාතිකයින් රටට තුළට පැමිණීම වලක්වන ලෙස තුෂාර ඉදුනිල් මහතා ඉල්ලා සිටියේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයට වඩා බලවත් සන්ධානයකින් ඉදිරි මැතිරවණය සඳහා ඉදිරිපත් වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

මේ අතර පක්ෂ රැසකගේ සහභාගිත්වයෙන් ගොඩනැගීමට නියමිත විපක්ෂයේ පුළුල් සන්ධානය සම්බන්ධයෙන්ද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීද අදහස් පල වුණි.

Exit mobile version