කොරෝනා පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන විශේෂ මාධ්‍ය හමුවක්

නව කොරෝනා වෛරසය පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ආරම්භ කර ඇත.

 

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත් වෙයි.

මාධ්‍ය හමුව සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේ‍්ෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරෝධායන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.එම්.ආනෝල්ඩ් මහතා, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා, බොරුල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා හා ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා එක්ව සිටියි.

Exit mobile version