පාඨලීගේ රියදුරුගෙන් රහස් ප්‍රකාශයක්

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී ඇතිවූ රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ලේ දෙවන සැකකරු ලෙස නම් කර සිටින ඔහුගේ රියැදුරු දිලුම් තුසිත කුමාර නැමැත්තා කොළඹ මහේස්ත්‍රාත්වරිය හමුවේ රහස් ප්‍රකාශයක් සිදු කර තිබේ.

 

ඒ අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජනා ද සිල්වා මහත්මියගේ නිල මැදිරියේ දී මෙම රහස් ප්‍රකාශයක් සිදු කර ඇති බව සඳහන්.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දිලුම් තුසිත කුමාර නමැති මෙම සැකකරු ඉකුත් දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප මත මුදා හරිනු ලැබුවේය.

Exit mobile version