අද පෙරවරුවේ එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක්

එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද(05) පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබේ.

 

පෙරවරු 10.00ට පාර්ලිමේන්තු සංකීරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මන්ත්‍රී කණ්ඩායම රැස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා සඳහන් කළේය.

මෙහිදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට ද බලාපොරොත්තු වන බව තුෂාර ඉදුනිල් මහතා සඳහන් කළේය.

මේ අතර නව සන්ධානය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ(04) පස්වරුවේදී විපක්ෂනායක කාර්යාලයේදී පැවැත් විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සහ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී සිට ඇති බව සඳහන්.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් ඉවත් කළ සිව් දෙනාගේ සාමාජිකත්වය යලි ලබාදෙන තුරු විපක්ෂ නායකවරයා කෘත්‍යාධිකාරි මණ්ඩලයට සහභාගී නොවනු ඇති බවයි.

Exit mobile version