පාර්ලිමේන්තුවට රටට ආදරය කරන මහත්වරු පත්කර ගන්න

ඉදිරි මහ මැතිවරණයේදී ජනතාවට වගකිව යුතු පුද්ගලයින් තෝරා පත් කර ගන්නේනම් ගැටළු රැසක් විසදා ගතහැකිවනු ඇති බව කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

 

කථානායකවරයා මේබව ප්‍රකාශ කළේ ඊයේ(13) අනුරාධපුරයේදී මාධ්‍ය අමතමින්.

එහිදී අදහස් දැක්වමින් කථානායකවරයා පවසා සිටියේ, දින කීපයකින් පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වන බවයි.

නව පාර්ලිමේන්තුවක් මැයි මාසයේ දී පත්වෙනු ඇති බවත් සඳහන් කර සිටි ඒ මහතා, ජනතාව විසින් නව පාර්ලිමේන්තු නියෝජිතයින් පත් කරන විට “ගරු මන්ත්‍රීතුමා “ යැයි පැවසිය හැකි අය පත් කරන ලෙසත් පැවසීය.

රටට ආදරය කරන පොළොවේ පය ගසා සිටින වැදගත් මහත්වරු පත් කර ගන්නේ නම් ඒ තුළින් බොහෝ ගැටළු අවම කර ගත හැකි වනු ඇතැයි ද කරූ ජයසූරිය මහතා කියා සිටියේය.

Exit mobile version